^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Breaking news

ධම්මිකගේ තැනට කුසල් පෙරේරා එංගලන්තයට?

User Rating:  / 0

ධම්මිකගේ තැනට කුසල් පෙරේරා එංගලන්තයට?


එංගලන්ත සංචාරය අතරතුරදී ආබාධයකට ලක්‌වීම හේතුවෙන් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින ධම්මික ප්‍රසාද් වෙනුවට කුසල් ජනිත් පෙරේරාව කණ්‌ඩායමට එක්‌ කිරීම පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයි "දිවයින" ට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ (20 දා) සවස විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව තිබුණ අතර එහිදී කණ්‌ඩායමට එක්‌ කිරීමට වඩාත් සුදුසුම ක්‍රීඩකයා ගැන සාකච්ඡා කර ඔහුව ඉදිරි දින කිහිපයේදීම කණ්‌ඩායමට එක්‌ කිරීමට නියමිතව තිබේ.

ධම්මික ප්‍රසාද් වෙනුවට වේග පන්දු යවන්නෙක්‌ම කණ්‌ඩායමට එක්‌ කිරීමේ අදහසක්‌ නැතැයි තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා ඊයේ  පැවසීය.

Read more...

සේයා ඝාතනයට අපරාධකරුවෝ දෙදෙනෙක්‌ දැලේ

User Rating:  / 0

සේයා ඝාතනයට

අපරාධකරුවෝ දෙදෙනෙක්‌ දැලේ

* දෙදෙනා සොහොයුරන් 
* වනචාරීන් ලෙස ජීවත් වෙලා 
* එකෙකු ඇල්ලුවේ කැලෑවක සැඟවී සිටියදී

හේමන්ත රන්දුණු

මුළු රටම ආන්දෝලනයකට ලක්‌කළ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන අපරාධකරුවන් දෙදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් වනචාරීන් ලෙස හැසිරෙමින් ජීවත් වූ පුද්ගලයන් බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

දැරියන් පැහැරගෙන ගොස්‌ අතවර කිරීම ,මිය ගිය තරුණියකගේ සිරුර ගොඩගෙන දූෂණය කිරීම වැනි විකෘති ආශාවන්ගෙන් පෙළෙන මෙම අපරාධකරුවන් දෙදෙනා සේයා ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය සැකපහළ කරයි.


සැකකරුවන් දෙදෙනාගෙන් එක්‌ අයකු කොටුවී ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදීය.

Read more...

එංගලන්තයට ගහපු ශතකයට වඩා ආසියානු කුසලාන ශතකය වටිනවා -ළහිරු තිරිමාන්න

User Rating:  / 0

අසේල විතාන නවසීලන්තයේ වෙලින්ටන් සිට

එක්‌දින ක්‍රිකට්‌ දිවියේ පෞද්ගලික හොඳම ඉනිම ක්‍රීඩා කළත් තමාගේ කැමැතිම ශතකය ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ලබා ගත් ශතකය බව ළහිරු තිරිමාන්න පවසයි. වෙලින්ටන් හිදී පැවැති තරගයේදී එංගලන්තයට එරෙහිව සිය හොඳම එක්‌දින ඉනිම ක්‍රීඩා කිරීමෙන් පසු තිරිමාන්න මෙම අදහස්‌ පළ කළේය.

එංගලන්තය සමග තරගයේදී පන්දු 143 කදී හතරේ පහර 13 ක්‌ සහ හයේ පහර දෙකක්‌ සමග නොදැවී ලකුණු 139 ක්‌ ලබා ගත් තිරිමාන්න එහිදී වාර්තා කළේ ඔහුගේ සිව්වැනි එක්‌දින ශතකය වේ., zzමගේ මේ හතරවැනි ශතකය. හැම ශතකයක්‌ම වටිනවා තමයි. නමුත් මේ ශතක අතරින් මම වඩාත් කැමැතිම ශතකය තමයි ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ලබා ගත් ශතකය.

Read more...

මා දැන් ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේ නැහැ - මහින්ද රාජපක්‍ෂ

User Rating:  / 2

තමා තවදුරටත් ජ්‍යෙතිෂය විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පකිස්‌තානු පුවත්පතකට පවසා ඇත. 

Read more...

රත්මලාන ඉහළ අහසේදී ඇන්ටනොව් යානයට සිදුවූයෙ කුමක්‌ද?

User Rating:  / 1

ගුවන් හමුදා නිලධාරීහු සිව්දෙනෙක්‌ මරුමුවට පත් කරමින් අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේදී කඩාවැටුණු ඇන්ටනොව් 32 යානාවට සිදුවූයේ කුමක්‌ද?

මේ යානාව අනතුරට පත්වීම ගැන නිසි තොරතුරු හෙළිවන්නේ ඇන්ටනොව් යානාවේ ඇති එච්. ඩී. ආර් සහ වී. ජී. එච් නමැති කළු පෙට්‌ටි දෙකේ ඇති දත්ත මතය.

1994 දී යුක්‌රේන් සමාගමකින් මිලට ගත් මෙම යානාවේ වටිනාකම ඩොලර් මිලියන 4.25 කි. එන්ජින් දෙකකින් යුත් ඇන්ටනෝව් යානාව 447 වතාවක්‌ ගොඩබස්‌සා ඇත.

Read more...

Featured Advertisements

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube